උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් මෙම වසරේදී පුද්ගලයන් 15 දෙනෙකු මරා දැමීමට අණ දී ඇති බව දකුණු කොරියානු බුද්ධි අංශ අවධාරණය කරයි.
මේ අතර, එරට ප්‍රබල නිලධාරීන්ද සිටින බව කියැවෙයි.
රජයේ ඔත්තු බැලූ බවට චෝදනා ලබමින් ඔවුන්ට එරෙහිව මෙසේ මරණය හිමිව ඇති බව දකුණු කොරියානු බුද්ධි අංශ වැඩිදුරටත් පවසයි.
මරා දැමුණු පිරිස අතර, එරට නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක්, ප්‍රකට වාදකයෙකු හා බුද්ධි අංශ නිලධාරියෙකුද සිටින බවද පවසයි.