දෙවැනි ලෝක යුද්ධයේ සැමරුම වෙනුවෙන් රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගි වන ලෙසට යැවූ ආරාධනය උතුරු කොරියානු නායක කිම් ජෝන්ග-උන් පිළිගෙන ඇති බව රුසියාව පවසයි.
රුසියානු ජනාධිපති ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝ පවසන්නේ උතුරු කොරියානු නායකයාගේ පැමිණීම ස්ථිර කර ඇති බවයි. එමෙන්ම, රුසියාවද ඒ වෙනුවෙන් සූදානම් වන බව ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත්, ජනාධිපති ප්‍රකාශක දිමිත්‍රි මෙහිදී උතුරු කොරියානු නායකයා යැයි පවසුවත්, ඔහුගේ නම ඒ කිසිම අවස්ථාවක භාවිත කර නොමැත. ඒ අනුව, ඇතැම් විට ඔහු වෙනුවට වෙනත් අයෙකු මීට සහභාගි විය හැකි බවටද මාධ්‍ය සැක පළ කරයි.
2011 වසරේ අගභාගයේදී බලයට පත්වීමෙන් පසු උතුරු කොරියානු නායකයා මේ දක්වා කිසිදු විදෙස් සංචාරයක් සිදුකර නොමැත.