උතුරු කොරියාවේ නෞකා නාශක මිසයිල කිහිපයක් එරට නැගෙනහිර මුහුදු කලාපයට එල්ල කර ඇති බව දකුණු කොරියාව පවසයි.
දකුණු කොරියාව පවසන්නේ මෙම මිසයිල මුහුදු මට්ටමට ආසන්නව පියාසර කර නෞකා හඹා ගොස් පහර දෙන මිසයිල වර්ගයක් බවය. එමෙන්ම, මෙම නවතම මිසයිලයට කිලෝ මීටර් 200ක දුරක් ගමන් කළ හැකි බවද කියැවේ.
මෙම වසර තුළ පමණක් උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදුකළ අතර ඒවායින් ඇතැම් අත්හදා බැලීම් අසාර්ථක වුවත් ඔවුන්ගේ ක්රියා කලාපය ලෝකය තැති ගැන්මකට ලක්කරන්නට විය.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ මෙම ක්රියා කලාපය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේද නිරන්තරයෙන් කතාබහට ලක්වන ක්රියාවක් බවට පත්ව ඇත.
එමෙන්ම, උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක තර කිරීමටද මෙම මිසයිල අත්හදා බැලීම් හේතු විය.
නමුත්, මේ කිසිදු දෙයකින් නොසැලෙන උතුරු කොරියානු නායකයාද තමාගේ තාක්ෂණික හැකියාව උරගා බැලීමට පසුබට නොවෙයි.