උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකර ඇති බව චීනය අවධාරණය කරයි.
උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් බී.බී.සී.ය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකින් පසුව චීනය සිය අවධානය දැඩිකර ඇති බව පැවසේ.
එහිදී, කොරියානු අමාත්‍යවරයා පවසා සිටියේ ඔවුන් තවදුරටත් මිසයිල අත්හදා බැලීම් සිදුකරන බවයි. එමෙන්ම, ඇමෙරිකාව තමන් වෙත පහරදීමේ සූදානමක් පැවතියහොත් තමන් න්‍යෂ්ටික බලය පාවිච්චි කරන බවද හෙතෙම එහිදී පවසා තිබුණි.
උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර යුද උණුසුම පසුගිය සතිය පුරාවට වර්ධනය වෙමින් පැවති අතර, ඇමෙරිකානු ප්‍රහාරක නෞකා පෙරමුණක්ද එම කලාපයේ රැඳී සිටියි.
පසුගියදා දකුණු කොරියාවේ සංචාරයක නිරත වූ ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසා සිටියේ උතුරු කොරියාවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තම රටේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.