උතුරු කොරියාව තම නැගෙනහිර වෙරළ කලාපයේදී සිදුකිරීමට ගිය මිසයිල අත්හදා බැලීමක් අසාර්ථක වී තිබේ.
ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ ඔවුන් විසින් පරීක්ෂා කළ බැලස්ටික් මිසයිලය ගුවන්ගත වී සුළු මොහොතකදී පුපුරා ගිය බවයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව හා දකුණු කොරියාවට අනතුරු අඟවන උතුරු කොරියාව කලාපය තුළ අනවශ්‍ය උණුසුමක් ඇති නොකරන ලෙස පවසයි.
උතුරු කොරියාව පසුගියදා සිදුකරන ලද සිය දිගුදුර බැලස්ටික් මිසයිල ඇතුළු සියලු මිසයිල ප්‍රදර්ශනය කළ හමුදා පෙළපාලියෙන් අනතුරුව මෙම මිසයිල අත්හදා බැලීම අසාර්ථක වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියාව පසුගිය කාලය තුළ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තීන් උල්ලංඝනය කරමින් න්‍යෂ්ටික අත්හදා බැලීම් පහක් සිදුකළ අතර, මිසයිල අත්හදා බැලීම්ද රැසක් සිදුකරන ලදී.