උතුරු කොරියානු මිසයිල සම්බන්ධ උණුසුම සමග ඇමෙරිකානු යුද නෞකා කිහිපයක් කොරියානු අර්ධද්වීපය අසල මුහුද වෙත ළඟා වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
ගුවන් හමුදා හාරක නෞකාවක් ඇතුළු තවත් ප්‍රහාරක නෞකා කිහිපයක් මෙම බල ඇණියට ඇතුළත් බව සඳහන් වෙයි.
ඇමෙරිකානු පැසිෆික් අණදෙන මූලස්ථානය පවසා සිටියේ මෙම නෞකා පෙළ මේ වනවිට බටහිර පැසිෆික් කලාපය වෙත ළඟා වී ඇති බවයි.
උතුරු කොරියාවෙන් පැන නගින න්‍යෂ්ටික අවදානමට මුහුණදීම සඳහා චීනයේ සහාය නොලැබෙන්නෙ නම් තනිව හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.
ඒ අනුව, කොරියානු අර්ධද්වීපයේ මුහුදු කලාපය යන ප්‍රධාන ගුවන් යානා හාරක නෞකාව කාර්ල් වර්ෂන් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.