උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
එරට නැගෙනහිර මුහුදට ඔබ්බෙන් වන මුහුදට මෙම මිසයිලය පතිත වී ඇති අතර, එය මිසයිලය දියත් කළ සින්පෝ නගරයේ සිට කි.මී.60ක් පමණ දුරක් බව දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන කාර්යාලය අනාවරණය කරයි.
උතුරු කොරියාව තවදුරටත් මිසයිල අත්හදා බැලීම් සිදුකරන්නේ නම් චීනයේ සහාය ඇතිව හෝ නැතිව උතුරු කොරියාව මට්ටු කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ මීට දින කිහිපයකට පෙරය.
එමෙන්ම, ඇමෙරිකානු නායක ට්‍රම්ප් හා චීන නායක ෂී ජින්පිං අතර උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට දිනක් තිබියදී මෙම මිසයිල අත්හදා බැලීම සිදුවීමද විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසයි.