උතුරුකොරියාවේ න්‍යෂ්ටික තර්ජනයට චීනය නොසලකා, තනිව වුවද මුහුණදීමට සූදානම් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
මෙම දැවෙන අර්බුදය විසඳීමට චීනය අපොහොසත් වන්නේ නම් ඒ ප්රශ්නය විසඳීමට ඇමෙරිකාවට හැකියාව පවතින බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසා තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා හා චීන නායකයා අතර සුවිශේෂී හමුවට දින කිහිපයක් තිබියදී ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකිරීමද විශේෂත්වයකි.
ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන සමයේදී චීනය සමග ගැටුමක් ඇතිකර ගැනීම තම න්‍යාය පත්‍රය නොවන බව ට්‍රම්ප් පැවසූ අතර, මෙම නායක දෙපළ මුහුණට මුහුණ හමුවන ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.
ඇමෙරිකාව වෙත පැමිණෙන චීන ජනපති ෂී ජින්පින්, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග හමුව ෆ්ලොරීඩා හිදී සිදුවීමට නියමිතය.