උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමට එරෙහිව එරටින් සිදුකරන සියලු ගල් අඟුරු ආනයනයන් අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ.
චීනයේ වාණිජ අමාත්‍යාංශය පවසා සිටියේ 2017 වසර අවසානය දක්වා මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති බවයි.
චීනය පසුගිය සතියේදී ඇ.ඩො.මිලියන 1ක් වටිනා උතුරු කොරියානු ගල් අඟුරු තොගයක් යළි ප්‍රතික්ෂේප කිරීමත් සමග මේ පිළිබඳ උණුසුම අතිවිය.
ප්යොග්යැන්ග් අධිකාරිය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හිටුවන තුරු චීනය විසින් සිදුකරන ප්‍රබල සම්බාධක ක්‍රියාවලියේ ප්‍රබල සිදුවීමක් ලෙස මෙය සැලකෙයි.