ඇමෙරිකානු ජනාධිපති සටනේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය සඳහා වැඩි සුදුසුකම් ලබා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන් හමුවූ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවට සූදානම් බව පවසා තිබේ.
"මම ඔහුට කතා කරන්න කමැතියි. ඔහුත් සමග කතා කිරීමේ වරදක් මා දකින්නේ නැහැ" යැයි ට්‍රම්ප් කියයි.
ට්‍රම්ප් බලයට පත් වුවහොත් දේශපාලනික වශයෙන් හුදකලා වූ උතුරු කොරියාව සමග සාකච්ඡා කරන්නේ නම්, එය ඇමෙරිකානු ප්‍රතිපත්තියේ සුවිශේෂී වෙනසක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
කෙසේ වෙතත්, ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වයේ ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්තිය තරයේ විවේචනය කරයි.