ජලය යට සිට සබ්මැරීනයක් ආධාරයෙන් ක්‍රියාත්මක කළ බැලස්ටික් මිසයිල් අත්හදා බැලීම සාර්ථක වූ බව උතුරු කොරියාව පවසයි.
සිය නායක කිම් ජෝන්ග් උන්ගේ නායකත්වයෙන් හා අධීක්ෂණයෙන් යුතුව සිදුකළ මෙම මිසයිල අත්හදා බැලීම ශක්තිමත් න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා උතුරු කොරියාව සතු බල පරාක්‍රමය විදහා දැක්වෙන බවද කියැවෙයි.
මෙම නවතම මිසයිල අත්හදා බැලීම පසුගිය ජනවාරි මාසයේ සිට උතුරු කොරියාව විසින් සිදුකරන විවිධ අවි අත්හදා බැලීමේ නවතම සිදුවීම වන අතර, එය ඔවුන්ගේ සිවුවැනි න්‍යෂ්ටික අත්හදා බැලීම බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, එළැඹෙන මාසයේදී තවත් දිගු දුර මිසයිල අත්හදා බැලීමකටද උතුරු කොරියාව සූදානම් බව කියැවෙයි.
උතුරු කොරියාව විසින් සිදුකරන ලද මෙම මිසයිල අත්හදා බැලීම හරහා ඔවුන් වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැඩි සම්බාධක පනවා ඇති අතර, ඊට චීනයේද සහාය හිමිවිය.
කෙසේ වෙතත්, මෙම මිසයිල අත්හදා බැලීම් එළැඹෙන මැයි මාසයේදී උතුරු කොරියාවේ වත්මන් පාලක පක්ෂයේ කොංග්‍රසය වෙත කිම් ජොන්ග් උන්ගේ ස්ථානය රැකගැනීම සඳහා සිදුකරන ක්‍රියාවලියේ කොටසක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.