උතුරු කොරියාව ආශ්‍රිතව කෘත්‍රිමව ඇති කළ භූ කම්පනයක් හඬ වැකුණු බව දකුණු කොරියාව පවසයි.
මෙය යම් ආකාරය භූගත පිපිරීමක් විය හැකි බවට දකුණු කොරියාව සැක පහළ කරයි.
දකුණු කොරියාවේ භූ විද්‍යාඥයන් පෙන්වාදෙන පරිදි එරට වේලාවෙන් අලුයම 12.30 ට පමණ උතුරු කොරියාවේ අගනගරය වන ප්යොන්යැන්ග් නගරයට කිලෝමීටර් 34ක් පමණ ඔබ්බෙන් රික්ටර් පරිමාණ 2.2ක පමණ කම්පනයක් ඇති වී තිබේ.
මීට වඩා ප්‍රබල කම්පනයක් පසුගිය ජනවාරි මාසයේදීද උතුරු කොරියාව ආශ්‍රිතව ඇති වූ අතර, එවර ඔවුන් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළ බව පසුව වාර්තා විය.
කෙසේ වෙතත්, මෙය හටගත් ප්‍රදේශය හා එහි ගැඹුර පිළිබඳ සැලකීමේදී මෙය න්‍යෂ්ටික පිපිරීමක් විය නොහැකි බවත්, නමුත් එය කිසියම් හෝ ආකාරයක කෘත්‍රිම පිපිරවීමක් විය හැකි බවත් දකුණු කොරියාව වැඩිදුරටත් පවසයි.