උතුරු කොරියාව වෙත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පැනවූ නවතම සම්බාධක අනුව, එරටට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පිලිපීනය විසින් සිය වරායේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
පිලිපීන බලධාරීන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ නියෝග අනුව මෙය සිදුකළ බවය. එමෙන්ම, එහි 21 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය යළි උතුරු කොරියාව වෙත පිටුවහල් කළ බවද ඔවුන් කියයි.
ටොන් 6,830ක් බර මෙම නෞකාව ඇතුළු නෞකා 30කට නවතම සම්බාධක අනුව ජාත්‍යන්තර වරායක් වෙත ඇතුළු වීම තහනම් කර ඇති අතර, යම් ලෙසකින් එසේ ඇතුළත් වූයේ නම් එම නෞකා අත්අඩංගුවට ගැනීම අදාළ රාජ්‍ය විසින් සිදුකරයි.
මේ අතර, අදාළ නෞකාව පරීක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ කණ්ඩායමක් පිලිපීනය වෙත පැමිණීමට නියමිතය.
උතුරු කොරියාව මෑතකදී සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම හා චන්ද්‍රිකා ගුවන්ගත කිරීමට එරෙහිව මෙම නව සම්බාධක එරටට පැනවුණු අතර, මෙම සම්බාධක පැනවීමත් සමග උතුරු කොරියාව සිය කෝපය ප්‍රකාශ කර සිටියේ මිසයිල කිහිපයක් සාගරය වෙත පතිත කරවමිනි.