තම රටට එරෙහිව නැගෙන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී නොසිටින බව උතුරු කොරියාව පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දැඩිව විවේචනය කර ඇති උතුරු කොරියානු විදේශ අමාත්‍ය රී සූ-යොන්ග් පවසන්නේ එම කොමිසමේ දේශපාලනීකරණ වූ, තේරීමක් කරන හා දිව දෙකේ කොමිසමක් බවයි.
උතුරු කොරියාව සිය ජනතාවට සලකන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අවස්ථා කිහිපයකදීම එරට පාලනාධිකාරිය දැඩි විවේචනයකට බඳුන්කර තිබුණි.
කෙසේ වෙතත්, බටහිර මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම තීරණය තවදුරටත් උතුරු කොරියාව ලෝකයෙන් හුදකලා කරන මෙන්ම, එරටට එරෙහිව තවතවත් සම්බාධක පැනවෙන තීරණයක් වනු ඇති බවය.
මීට අමතරව, උතුරු කොරියාව මෑතකදී සිදුකළ න්‍යෂ්ටික පරීක්ෂණය හා චන්ද්‍රිකා ගුවන්ගත කිරීම සම්බන්ධයෙන්ද එරටට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයද සූදානම්ව සිටීම තුළ මේ අවස්ථා දෙකින්ම උතුරු කොරියාවට අලුතින් සම්බාධක පැනවෙනු ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් කියයි.