උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ 70 වැනි සංවත්සරය ඇමෙරිකාවට තර්ජනය කිරීමේ සංදර්ශනයක් බවට පත්ව තිබූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම සැමරුම වෙනුවෙන් දැවැන්ත හමුදා සංදර්ශනයක් පවත්වා ඇති අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙහිදී පවසා ඇත්තේ තමන් ඇමෙරිකාවට එරෙහි ඕනෑම යුද්ධයකට සූදානම් බවයි.
එරට පියොන්ග්යැන්ග් අගනුවර කිම් ඉල් සංග් චතුරස්රයේ පැවති මෙම හමුදා සංදර්ශනය ත්රිවිධ හමුදාවන් මෙන්ම, යුද උපකරණ විශාල ප්රමාණයකින් සන්නද්ධ කර තිබුණු බව විදෙස් වාර්තා පවසයි.