ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මගී දුම්රියක් පීලි පැනීමෙන් තවත් බඩු දුම්රියක ගැටීම හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කබීර් නගාර් දිස්ත්‍රික්කයේ සිදුවූ දුම්රිය ගැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු 6ක් මේ වනවිට හමුවී ඇති බව වාර්තා වෙයි.
තැලී පොඩිවී තිබෙන දුම්රිය මැදිරි අතර තවදුරටත් තුවාලකරුවන් හෝ මළ සිරුරු සොයා මෙහෙයුම් සිදුවන බවද වාර්තා වෙයි.
මගී දුම්රියේ රියදුරු මෙන්ම සහායක රියදුරාද බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර සිටින බව කියැවෙයි.
මෙම දුම්රිය ගෝක්පූර් නගරයේ සිට හර්යානා ප්‍රාන්තයේ හිසර් වෙත ගමන් කරමින් තිබූ බව කියැවෙයි.
ඉන්දීය දුම්රිය ප්‍රකාශකයෙකු කියා සිටියේ එම ස්ථානය වෙත වෛද්‍යවරු හා හෙදියන් රැගත් විශේෂ දුම්රියක් ළඟා වූ බවයි.