ඉන්දියාවේ අඩු කුලයේ දාලිත් වැසියන් දෙදෙනෙකු උඩු රැවුල වැවීම හේතුවෙන් පහර කෑමට ලක්වීමට විරෝධය පාමින් ඉන්දියානුවන් විශාල පිරිසක් සිය සමාජජාල ගිණුම් හරහා විරෝධය පළ කර තිබේ.
එහිදී, ඔවුන් තම ට්විටර් සහ වට්ස්ඇප් සමාජජාලවල තම අනන්‍යතාව දක්වන ඡායාරූපවලට උඩු රැවුලක් සහිතව මිස්ටර් ඩාලිත් යනුවෙන් දක්වා තිබේ.
පසුගිය සතියේදී ගුජරාට් ප්‍රාන්තයේ දාලිත් තරුණයෙකු මේ ආකාරයෙන් උඩු රැවුල වැවීම හේතුවෙන් උසස් කුලයේ පිරිසකගෙන් පහරකා තිබුණු අතර, ඔහු පසුව පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව ඔහුගේ ඥාති සහෝදරයෙකුටද මෙම උසස් කුලයේ පිරිස පිහි ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම දාලිත් තරුණයන් වෙත ප්‍රහාර එල්ල කළ අය රාජ්පුත් හෙවත් උසස් කුලයේ පිරිසක් බවත්, ඉන්දියාව තුළ කුල භේදය තවමත් සමාජ ප්‍රශ්නයක් වීමට මෙය හොඳ නිදසුනක් බවත් විදෙස් වර්තා පෙන්වා දෙයි.