සාමාන්‍යයෙන් උච්ච ස්වර අල්ලන්නේ මිනිසුන් පමණක් නොවේ. සත්ත්ව ලෝකයෙන්ද උච්ච ස්වර අල්ලන්නෝ පිළිබඳ අපට අසන්නට ලැබෙයි. මේ එවැනි උච්ච ස්වරයක් ඇසුණු තවත් එක් අවස්ථාවකි.
දකුණුදිග ඇන්ටාක්ටිකා සාගරයේ, දකුණු ජෝජියා දූපත් ආශ්‍රිතව දක්නට ලැබුණු දැවැන්ත සීල් මත්ස්‍යයින් පිරිසක් තමන්ගේම ගීතයක් මුමුණන අවස්ථාවකදී මෙම අපූරු ඡායාරූපය ගෙන තිබුණි.
වනසත්ව ඡායාරූප ශිල්පී රෝයි ගාලිට්ස්ගේ කැමරා කාචයේ සටහන් වූ මෙම ඡායාරූප ලබාගැනීම වෙනුවෙන් ඔහු මෙම සතුන් අසල පැය කිහිපයක් ගත කළ බව කියයි.
එහිදී, ඇණුම් අරමින්, එකෙකු තවෙකෙකු තල්ලු කරන ආකාරයේ සාමාන්‍යයෙන් කැමරා කාචයට හසුකර ගැනීමට නොලැබෙන ඡායාරූපයක් ඔහුගේ කැමැත්ත වුවත්, ඔවුන් සියලු දෙනා එකවර උච්ච ස්වරයකින් හඬ නගමින් සිදුකළ මේ ක්‍රියාව ඡායාරූපයක් ගැනීමට වඩා සිනහා නවත්වා ගැනීමට නොහැකි වූ අවස්ථාවක් බවද ඔහු පවසයි.
මෙම දැවැන්ත සීල් මත්ස්‍යයන්ගේ පිරිමි සතුන් හඬ නගන විට මහත් වූ ශබ්දයක් පිටවන බවත්, බොහෝ විට එම සතුන් සංසර්ලයේ යෙදෙන කාලසීමාවේදි මෙම හඬ වඩාත් තීව්ර වන බවත් රෝයි පවසයි.