උතුරු කොරියාවේ න්‍යෂ්ටික තාක්ෂණික ඉලක්කයන් වෙත වඩාත් සාර්ථකව ළඟා වන බවට එරට නායක කිම් ජොන්ග් උන් ප්‍රතිඥා දෙයි.
එහිදී, ඔවුන්ගේ යුද ශක්තිය ඇමෙරිකාවේ යුද ශක්තිය හා සම මට්ටමට ගැනීමට උතුරු කොරියාවට හැකිවන බව එරට රජයේ පුවත් ඒජන්සිය පවසයි.
උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල ප්‍රහාරයක් ඉතා සාර්ථකව අත්හදා බැලීමෙන් පසුව එරට නායක කිම් ජෝන්ග් උන් මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
මෙම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය දෙකට බෙදී සිටින අතර, මීට එරෙහිව පිරිසක් උතුරු කොරියාවට සම්බාධක දැමිය යුතු බව පවසා සිටිද්දී, චීනය හා රුසියාව එවැනි සම්බාධක පිළිබඳ විශ්වාසයක් නොදක්වයි.
"බලවත් රාජ්‍යයන් යැයි කියා ගන්නා උග්රජාතිභේදවාදීන් අපට එරෙහිව සම්බාධක පනවා තිබියදීත් න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ වෙමින් අපි අපේ ඉලක්ක වෙත සාර්ථකව යන ආකාරය අපි ඔවුන්ට වඩාත් පැහැදිලිව පෙන්වාදිය යුතුයි" යනුවෙන් කිම් ජෝන්ග් උන් අවධාරණය කර තිබේ.
.jpg)
.jpg)
.jpg)