උතුරු සහ දකුණු කොරියාව අතර පවතින උණුසුම දකුණු කොරියාවේදී ඇරඹෙන ශීත සෘතු ඔලිම්පික් උලෙළ පැවැත්වෙන කාලයේදී සමනයකට පත්කිරීම සඳහා උතුරු කොරියාව සිය ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු දකුණු කොරියාවට පිටත්කර හැරීමට සූදානමින් සිටියි.
කිම් යොනග්-නැම් උතුරු කොරියාවේ නිල නොලත් සහ චාරිත්‍රානුකූල නායකයාය. ඔහු ඇතුළු 22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ලබන සිකුරාදා ඇරඹෙන ශීත සෘතු ඔලිම්පික් උලෙළට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට පිටත්ව යෑමට නියමිතය.
එමෙන්ම, මෙවර සීත සෘතු ඔලිම්පික් උලෙළේදී දෙරටේ ක්‍රීඩකයන් සමාරම්භක උත්සවයේදී එකම ධජයක් යටතේ ක්‍රීඩා පිටියට පිවිසීමද විශේෂත්වයක් ගනු ඇත.
මෙවර සීත සෘතු ඔලිම්පික් උලෙළ කොරියානු අර්ධද්වීපයේ පසුගිය කාලය පුරා පැවති නොසන්සුන්කාරී වාතාවරණයට පිළිතුරු සැපයෙන හා එය සමනයකට පත් කෙරෙන අවස්ථාවක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.