උතුරු කොරියාවේ ආයෝජනය සඳහා ඇමෙරිකානු පෞද්ගලික සමාගම් වෙත ඇමෙරිකානු රජය විසින් අවසරය ලබාදෙනු ඇති බව රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ පවසයි.
ෆොක්ස් නිවුස් මාධ්‍ය ජාලය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පවසා සිටියේ උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටික අවිහරණයකට යෑමේ විශ්වාසය සමග මේ සම්බන්ධයෙන් වූ සාධනීය බව තහවුරු වන බවයි.
එමෙන්ම, උතුරු කොරියාව තුළ බලශක්ති අර්බුදය විසඳීම සඳහා ඇමෙරිකානු ආයෝජකයන්ට අවස්ථාව පවතින බවද හෙතෙම කියා සිටියේය.
පසුගිය සතියේදී ප්යොන්ග්යැන්ග් නුවර සංචාරයකින් පසුව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ බව රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේය.
ලබන ජුනි මාසයේදී ඇමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ද්වීපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් මූලික සාකච්ඡාවකට හෙතෙම ප්යොන්ග්යැන්ග් වෙත ගොස් තිබුණි.
එමෙන්ම, පසුගිය සිකුරාදා ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියානු ආර්ථිකය නගාසිටුවීම සඳහා ඇමෙරිකාව සහාය පළ කරන බවයි.