උ.කොරියාවෙන් ඇමෙරිකානු සිරකරුවන් තිදෙනාට නිදහස
උතුරු කොරියාව විසින් නිදහස් කෙරුණු ඇමෙරිකානු සිරකරුවන් තිදෙනා යළි සිය රට පැමිණීමෙන් පසුව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔවුන්ව ඉතා සාදරයෙන් පිළිගෙන තිබේ.
වොෂිංටනයට සමීප ශාන්ත ඇන්ඩෘස් ගුවන් හමුදා ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් පිළිගැනීමට පැමිණි ජනපති ට්‍රම්ප් මෙන්ම, ජනපති ආර්යා මෙලානියාද පැමිණ සිටියහ.
එහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ, "මේ ශ්‍රේෂ්ඨ මිනිසුන් තිදෙනාට මෙය ඉතා සුවිශේෂී දිනයක්" වන බවයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික ද්වීපාර්ශ්වික සාකච්ඡාවල හොඳහිත පැතිරීමේ ඉඟියක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීම හැඳින්විය හැකි බව ධවල මන්දිරය පවසයි.
එමෙන්ම, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕගේ උතුරු කොරියානු සංචාරයත් සමග මෙය සිදුවිය.
මේ අතර, දෙරටේ නායක දෙපළ අතර හමුව සිදුවන ස්ථානය පිළිබඳව ඉදිරි දින තුනක කාලය තුළ දැනුම්දෙන බවද ට්‍රම්ප් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




