ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවත් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගෙනයමින් ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසා තිබේ.
ඒ අනුව, ප්යොන්ග්යැන් පාලනය සමග සාකච්ඡා මේසයට පැමිණීම සඳහා ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වොෂිංටනය මඟක් සොයමින් සිටින බවද රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ සංචාරයක නිතර වෙමින් මෙම අදහස් දැක්වීමද සුවිශේෂී වන්නේ යැයි පෙන්වාදෙන විදෙස් වාර්තා, මෙය ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර පවතින රහස් සාකච්ඡාවක් බවද ඉඟි කර තිබේ.
"අපට ප්යෝන්ග්යැන් පාලනය සමග සන්නිවේදන සබඳතා පවතිනවා. අප සිටින්නේ අඳුරු පරිසරයක නොවෙයි" යනුවෙන් ටිලර්සන් මෙහිදී පවසා ඇත.
කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ උතුරු කොරියානු න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් හමුවේ දෙපාර්ශ්වය අතර පැවති උණුස්ම් වාග් ප්රහාරයන් තුළ මෙම රටවල් දෙක නයි වෛරක්කාරයන් මිස, ඔවුන් මෙවැනි රහස් සාකච්ඡාවක නිරත වන බව බොහෝ දෙනා නොදැන සිටියහ.