උතුරු කොරියාව සම්බන්ධයෙන් මෙතෙක් පැවති මූලෝපාය වශයෙන් ඉවසීමේ යුගය දැන් හමාර වී ඇති බව ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසයි.
දකුණු කොරියාවේ සංචාරයක නිරත උප ජනධිපතිවරයා උතුරු හා දකුණු කොරියාව බෙදී වෙන්වන හමුදා යෙදවීමක් නොමැති කලාපයේ සංචාරයක නිරත වෙමින් මෙම අදහස් පළ කර තිබේ.
කොරියානු අර්ධද්වීපයේ උණුසුම් තත්ත්වයක් පවතින මොහොතේදී ඇමෙරිකානු උප ජනාධිපතිවරයාගේ සංචාරය සිදුව ඇති අතර, උතුරු කොරියාව හා ඇමෙරිකාව යුද සූදානමක පසුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
උතුරු කොරියාව විසින් අසාර්ථක දිගුදුර මිසයිල අත්හදා බැලීමක් සිදුකළ දිනයේදීම ඇමෙරිකානු උප ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවීමද විශේෂත්වයකි.