උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල් වැඩසටහන අත්හිටුවීමට ගනු ලැබූ තීරණය ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක්වෙමින් තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් පවසා තිබුණේ උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික ශක්තිය පවතින බව ප්‍රකට කර ඇති බැවින් තවදුරටත් පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
උතුරු කොරියානු නායකයාගේ මෙම ක්‍රියාව වඩාත් යහපත් පුවතක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණි.
එමෙන්ම, දකුණු කොරියාව පවසා තිබුණේ එය වඩාත් අර්ථවත් ක්‍රියාවක් බවයි.
එමෙන්ම, යුරෝපා සංගමයේ මතය වූයේ එය වඩාත් ධනාත්මක තීරණයක් බවයි. නමුත්, උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටික හරණය වීමේ අවශ්‍යතාවද ඔවුන් පවසා තිබුණි.
උතුරු කොරියානු හා ඇමෙරිකානු නායකයාගේ ඓතිහාසික හමුවට පෙර මේ වනවිට වඩාත් යහපත් වටපිටාවක් කොරියානු අර්ධද්වීපය තුළ ඇතිවෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.