වර්ෂ 2020 වනවිට උතුරු කොරියාව තුළ දැවැන්ත අවිහරණයක් සිදුවනු ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය විශ්වාස කරන බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ පවසයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පසුගිය 12දා සිංගප්පූරුවේදී පැවති ඓතිහාසික සමුළුවෙන් දිනකට පසුව රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් දැක්වීම සිදුකළේ දකුණු කොරියානු සංචාරයක් අතරතුරදීය.
මෙම ඓතිහාසික සිංගප්පූරු සමුළුවේදී දෙරටේ නායකයන් විසින් විශේෂ ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියකට අත්සන් තබමින්, 2018 අප්‍රේල් 27 වැනිදා ඇති කරගත් පැන්මුන්ජොම් ප්රඥප්තිය අනුව යමින් කොරියානු අර්ධද්වීපය තුළ සම්පූර්ණ න්යෂ්ටිකහරණයකට යෑම සඳහා යළි ප්‍රතිඥා දෙනු ලැබීය.
නමුත්, කරුණු 4ක් ඔස්සේ ඉදිරිපත් කළ මෙම ලියැවිල්ල දීර්ඝ විස්තර කිරීමක් නොමැති හුදු කරුණු කිහිපයක ලියැවිල්ලක් පමණක් බවටත්, ප්යොන්ග්යැන්ග් පාලනය සිය අවි අත්හරින්නේ කෙසේද යන්න එහි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවටත් විවේචනද එල්ල වෙමින් පවතී.
තවදුරටත් අදහස් දැක්වූ පොම්පිඕ පවසා සිටියේ උතුරු කොරියාව සමග තවත් බොහෝ වැඩකොටසක් සිදුකිරීමට ඇති නමුත්, ඔවුන් ඉදිරි වසර දෙක දෙකහමාර තුළ දැවැන්ත අවිහරණයකට යොමුවනු ඇති බව විශ්වාස කළ හැකි බවයි.