උ. කොරියානු සාකච්ඡා ඵල රහිත නම් ඉවත්වෙනවා -ට්‍රම්ප්
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග තමා පැවැත්වීමට සැලසුම් කරගෙන ඇති සාකච්ඡාවටය ඵල රහිත වුවහොත් තමන් එම සාකච්ඡාවලින් ඉවත්වන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජපාන අගමැති ෂින්සෝ අබේ සමග ඇමෙරිකානු නායකයා පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.
එහිදී, ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැඩි පීඩනයක් ඔවුන් වෙත තවදුරටත් එල්ල කරන බවයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් මාර්-අ-ලාගෝ රිසෝට් හිදී ජපාන අගමැතිවරයා හා ඇමෙරිකානු නායකයා අතර මෙම හමුව සිදුව ඇත.
මීට පෙර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ඇමෙරිකානු බුද්ධි අංශ අධ්යක්ෂ මයික් පොම්පෙඕ උතුරු කොරියාව වෙත රහසිගත සංචාරයක නිරත වෙමින් කිම් ජොන්ග් උන් මුණගැසුනු බවයි.
එහිදී, උතුරු කොරියානු නායකයා සමග හොඳ සබඳතාවක් ඇති කරගැනීමට මාර්ක් සමත්ව ඇති බවත් පැවසූ ට්‍රම්ප්, එම සාකච්ඡාව වඩාත් සුමටව සිදුව ඇති බවද සඳහන් කර ඇත.
මෙම සංචාරය වර්ෂ 2000න් පසුව ඇමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු උතුරු කොරියාවේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව ලෙසද ඉතිහාසයට එක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


