උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් සහ චීන ජනපති ෂී-ජින්පිං චීනයේදී තවත් රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීන මාධ්‍ය පෙන්වා දෙන්නේ ඊසානදිග චීන නගරයක් වන ඩාලියාං නගරය වෙත ඊයේ (07දා) සහ අද (08දා) සංචාරයක නිරත වෙමින් කිම් ජොන්ග්-උන්, චීන ජනපති ෂී ජින්පිං හමුවී ඇති බවයි.
මාස දෙකක කාලය තුළ දෙරටේ නායක දෙපළ හමුවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ඔවුන් අවසන් වරට හමුවූයේද උතුරු කොරියානු නායකයා පසුගිය මාර්තු මාසයේදී බීජිං නගරයේ සිදුකළ රහසිගත හමුවකදීය.
එය, 2011 වසරේ බලයට පත්වීමෙන් පසුව උතුරු කොරියානු නායකයා විදෙස් සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව ලෙස නම් කෙරුණු අතර, දෙරට අතර සබඳතා ශක්තිමත් වීමට තුඩුදුන් විදෙස් සංචාරයක් බවටද පත්වීය.
මෙවර හමුව සිදුවන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් අතර ඓතිහාසික හමුව සිදුවීමෙන් අනතුරුව සහ ඉදිරි සතියකදී ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර හමුවක් පැවැත්වීමට තිබියදීය.
ඒ අනුව, උතුරු කොරියාවේ දේශපාලනය සම්බන්ධයෙන් ලොව බලවත් රටවල් අතර විශේෂ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙමින් පවතින බව මේ ආසන්න කාලසීමාවේදී සිදුවන විවිධ සිදුවීම් හමුවේ පැහැදිලි වන්නේ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.