1953 වසරේ උතුරු කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසුව දේශසීමා පසුකර දකුණු කොරියානු භූමියට පය තබන ප්‍රථම උතුරු කොරියානු නායකයා බවට පත්වීමට කිම් ජොන්ග්-උන් සැරසෙයි.
දකුණු කොරියාව පවසා සිටියේ හෙට (27දා) උදෑසන 9.30 ට පමණ දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් උතුරු කෙරියානු නායක කිම් ජොන්ග්-උන් මුහුණට මුහුණ හමුවෙනු ඇති බවයි.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි වැඩසටහනින් ඉවත් වන බවට මෑතකදී සිදුකරන ලද ඉඟි කෙරෙහි මෙම ඓතිහාසික සාකච්ඡාව ඉලක්ක කෙරෙන බව විදෙස් වාර්තා පවසයි.
වසර ගණනාවක් කොරියානු අර්ධද්වීපයේ පැවති උණුසුම් තත්ත්වය පහව යන වඩාත් සාමකාමී වටපිටාවක් වෙත මෙම නව හමුව හේතුවනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.