උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ අර්ධ සහෝදරයෙකු ලෙස සැලකෙන කිම් ජොන්ග්-නම් මැලේසියාවේ, ක්වාලලම්පූර් නගරයේදී විෂ ශරීරගත කරවීමකින් ඝාතනය කර තිබේ.
මැලේසියානු පොලීසිය පවසන පරිදි, ඔහු මකාවු වෙත පිටත්ව යෑම සඳහා ගුවන් තොටුපොළේ සිටියදී හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර ඇති අතර, පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත්, මොහු විෂ ශරීරගත කරවීමකින් ඝාතනය කර ජීවිතක්ෂයට පත්ව ඇති බව දකුණු කොරියානු මාධ්‍ය පවසයි. හිටපු උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-ඉල්ගේ වැඩිමහලු පුත්‍රයා ලෙසද මොහු සැලකෙයි.
45 වැනි වියෙහි පසුවූයේ යැයි පැවසෙන මොහුට විෂ ශරීරගත කරවීම කාන්තාවන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බවත්, ඔවුන් උතුරු කොරියානු කාන්තාවන් බවත් දකුණු කොරියානු මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, මෙම තැනැත්තා ගුවන් තොටුපොළේ සිටියදී ඔහු වෙත කිසියම් දියරයක් ස්ප්‍රේ කර ඇති බව මැලේසියානු බලධාරීන් මාධ්‍යයට පවසා තිබේ.