උතුරු කොරියානු න්‍යෂ්ටික පර්යේෂණ කලාපය ලබන මැයි මාසයේදී වසා දැමෙනු ඇති බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය පවසයි.
පුන්ගයි-රි ලෙසින් සැලකෙන මෙම න්‍යෂ්ටික පර්යේෂණ කලාපය වසා දැමීමෙන් පසුව එහි නිරීක්ෂණයන් සඳහා දකුණු කොරියානු සහ ඇමෙරිකානු විශේෂඥයන්ට අවස්ථාව හිමිවනු ඇති බවද එම කාර්යලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මේ අතර, විද්‍යාඥයන් පවසන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම කලාපයේ එක් කොටසක් බිඳ වැටුණු බවයි.
පසුගිය සිකුරාදා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් අතර සිදුවූ ඓතිහාසික හමුවේදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් නිදහස් කලාපයක් කිරීමට නායක දෙපළ විසින්ම එකඟත්වයකට එන ලදී.
මාස කිහිපයක් දෙපාර්ශ්වය හා බටහිරද මැදිහත්ව යුදමය තත්ත්වයක් කොරියානු අර්ධද්වීපයේ ඇති වෙමින් පැවති වාතාවරණයක් අවසන් කරමින් මෙම සාම මාවත ඇරඹී තිබේ.