උතුරු කොරියාව සමග මේ වනවිට සිදුකරගෙන යනු ලබන සාකච්ඡා වඩාත් යහපත් ආකාරයෙන් සිදුවුවත්, තවදුරටත් ඉටුකිරිමට බොහෝ කාර්යයන් ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ පවසයි.
ඇමෙරිකාවේ සංචාරයක නිරත වන උතුරු කොරියාවේ උසස්ම රාජ්‍ය නිලධාරියෙකු වන ජෙනරාල් කිම් යොන්ග්-චෝල් සමග සාකච්ඡ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙසේ පවසා සිටියේය. මෙම සාකච්ඡා නිව්යෝක් නුවරදී පවත්වා තිබුණි.
මේ අතර, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් විසින් ලබාදෙන ලද විශේෂ ලිපියක් ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදීමට ජෙනරාල් යොන්ග්-චෝල් වොෂිංටනය බලා පිටත්ව යනු ඇත.
ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර එලැඹෙන ජුනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුව සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡා ලෙස මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇත.
දෙරටේ නායක දෙපළක් ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවන මෙම අවස්ථාව ලෝක ඉතිහාසයේ මෙන්ම, ලෝක දේශපාලනයේද සුවිශේෂී සංධිස්ථානයක් බව දේශපාලන විචාරකයෝ පවසති.
කෙසේ වෙතත්, මෙම නායක හමුව සම්බන්ධයෙන් තවමත් යම් යම් සුළු මතගැටුම් පැවතියත් එය යථාර්ථයක් කරගැනීම සඳහා දෙපාර්ශ්වයම දැඩි උනන්දුවකින් කටයුතු කරන බවද සඳහන් වේ.