උ. ඉන්දියාවේ දූලි කුණාටු නිසා මරණ 100 ඉක්මවයි
(UPDATE) උතුරුදිග ඉන්දියාවට බලපා ඇති ප්‍රබල දූලි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය 125 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, මෙම අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවයි.
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් යන ප්‍රාන්තවලට බලපෑ ප්‍රබල දූලි කුණාටු හා ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මියගිය පිරිස 109 දක්වා ඉහළ ගොස් තිබේ.
බදාදා ආරම්භ වූ මෙම ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය ඇණහිටීම්, ගස් කඩා වැටීම් සහ නිවාස මෙන්ම පශු සම්පත් විනාශ වීම් සම්බන්ධයෙන් වාර්තා වෙයි.
මියගිය වැඩි පිරිස රාත්‍රී කාලයේ නිවෙස් තුළ නිදා සිටියදී ඇති වූ දරුණු අකුණු ගැසීම් හේතුවෙන් නිවාස කඩා වැටී ඊට යටවීමෙන් මියගිය අය බව කියැවෙයි.
මෙම කාලසීමාවේදී ඉන්දියාව තුළ මෙවැනි දූලි කුණාටු තත්ත්වයන් සාමාන්‍ය වුවත්, මෙතරම් ජීවිතහානි සිදුවූ ඛේදවාචකයක් එරට ඉතිහාසය තුළ වාර්තා වී නොතිබුණි.
මෙමගින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයන් 73 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් අඩකට වැඩි පිරිස ටජ් මහල පිහිටි අග්‍රා හි ජීවත් වූවෝ බව කියති.
විශාල පිරිසක් තුවාල ලබා සිටින අතර, බලධාරීන් පවසන්නේ මියගිය පිරිස තවදුරටත් වැඩිවිය හැකි බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






