තුවාල ලැබූ පලස්තීන ප්‍රහාරකයෙකු වෙඩි තබා ඝාතනය කළේ යැයි යන චෝදනාවට ලක්වූ ඊශ්‍රායල් හමුදා සොල්දාදුවාට මාස 18ක සිර දඬුවමක් නියම වී තිබේ.
සාජන්ට් එලෝර් අසාරියා මනුෂ්‍ය ඝාතන චෝදනාවට ලක්වූයේ 21 හැවිරිදි අබ්දුල් ෆටාහ් අල්-ෂරීෆ්ව පසුගිය වසරේ මාර්තු මාසයේදී වෙස්ට් බැන්ක් හි හෙබ්‍රොන් හිදී වෙඩි තබා ඝාතනය කළේ යැයි පවසමිනි.
ඊශ්‍රායල් සොල්දාදුවෙකුට පහරදුන් ෂරීෆ් ඝාතනය කළ යුතුය යන තීරණයේ තමා සිටියේ යැයි අසාරියා තම මිතුරෙකු සමග පවසා තිබුණි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන් ඔහුගේ ක්‍රියාව හෙළා දුටු අතර, තවත් පිරිස් මෙම ක්‍රියාව උසස් කොට තැකීය. ඒ අනුව, මෙම සිදුවීම ඊශ්‍රායලය තුළ මත දෙකක් පිළිබිඹු කළ අවස්ථාවක් විය.