ගාසා තීරයේදී පලස්තීනය විසින් එල්ල කරන ලද රොකට් ප්රහාරවලට ප්රතිප්රහාර දැක්වීමක් ලෙස ඊශ්රායලය විසින් සිදුකළ ගුවන් ප්රහාරවලින් මේ වනවිට පලස්තීන සටන්කරුවන් 9 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පලස්තීන හමාස් සංවිධානය පෙන්වා දෙන්නේ දකුණුදිග රෆාහ් ආශ්රිතව එල්ල කරන ලද ප්රහාර හේතුවෙන් පමණක් සටන්කරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඊශ්රායලය තවදුරටත් එල්ල කර ඇති ගුවන් ප්රහාර හේතුවෙන් අනෙක් තිදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පලස්තීන නව යොවුන් වියේ තරුණයෙකු වූ අබි කදෙයාර්ගේ ඝාතනයත් සමග ගාසා තීරයේ උණුසුම වර්ධනය වී ඇති අතර, මේ වනවිට මෙම තරුණ ගැටුම දෙරට අතර යුද්ධයක් බවට පත්වෙමින් තිබේ.