ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඉතා විශිෂ්ට සාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සිය ප්‍රථම නිල හමුව සිදුකරමින් ට්‍රම්ප් නිල ආරාධිතයාට වැඩිදුරටත් කියා සිටියේ දෙපාර්ශ්වයම මෙම අර්බුදය සාමයෙන් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම, ගාසා තීරයේ සිදුකරන යළි පදිංචි කිරීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකට අත්හිටුවන ලෙසද ඊශ්‍රායල් අගමැතිවරයාගෙන් ට්‍රම්ප් ඉල්ලා සිටියේය.
ඔහු කියා සිටියේ එය දෙපාර්ශ්වය අතර සාම ගිවිසුම වෙත එළැඹීමත් සමග සිදුකිරීමට හැකි කර්යයක් වන බවයි.
මෙහිදි, අදහස් දක්වමින් නෙතන්යාහු පවසා සිටියේ මුස්ලිම් අන්තවාදී රැල්ල යළි හැරවීම ධවල මන්දිරයට ට්‍රම්ප්ගේ ආගමනයත් සමග සිදුකළ හැකි ක්‍රියාවක් බව තමා විශ්වාස කරන බවයි.
ඊයේ දිනයේදී ට්‍රම්ප් හා නෙතන්යාහු එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.