පලස්තීනයේ බටහිර ඉවුරේ මරා දමා තිබියදී හමු වූ ඊශ්රායල් ජාතික තරුණයන් තිදෙනාගේ මරණයට හමාස් සංවිධානයට යෝදනා නගර අතරතුර පලස්තීන තරුණයෙකුද ඝාතනය වී තිබේ.
කෙසේ වෙතත් මේ ඝාතන සමග මේ වනවිට නැගෙනහිර ජෙරුසිලමේ ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතව තිබේ. මේ තත්ත්වය තුළ සන්සුන්ව හැසිරෙන ලෙස ඊශ්රායල් නායකයන් ජනතාවගෙන් ඉල්ලා ඇති බවද කියැවෙයි.
ඊශ්රායල් තරුණයන් තිදෙනා බටහිර ඉවුරේදී අතුරුදන් වූයේ මීට දෙසතියකට ඉහතදීය.
මේ අතර, පලස්තීන තරුණයාගේ මරණයද වාර්තා වූ අතර, පලස්තීනය චෝදනා නගන්නේ මෙම මරණයට ඊශ්රායලය වගකිව යුතු බවය.
එමෙන්ම, එය ඊශ්රායල් තරුණයන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පළි ගැනීමක් ලෙසද පලස්තීනය පවසයි.