ඇමෙරිකාවේ මීළඟ ඊශ්රායල් තානාපතිවරයා ලෙස දක්ෂිණාංශික, දැඩිමතධාරී ඩේවිඩ් ෆ්රයිඩ්මන් නම් කිරීමට තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්රම්ප් කටයුතු කර තිබේ.
57 හැවිරිදි නීතීඥයෙකු වන ඔහු ඊශ්රායල් - පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා ඇමෙරිකාව ගෙනගිය වැඩපිළිවෙළ දැඩි දෝෂදර්ශනයට ලක්කළ අයෙකු බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස ඇතිකිරීම සම්බන්ධයෙන් සහයෝගය දැක්වූවෙකු ලෙසද ඔහු සැලකෙයි. කෙසේ වෙතත්, එම ක්රියාව දෙරටේ සාමයට බාධාවක් බව ඔබාමා පාලනයේ මතය වී තිබුණි.
මේ අතර, මෙම නම් කිරීම මධ්යස්ථමතධාරී යුදෙව්වන්ගේ දෝෂ දර්ශනයටත්, දැඩිමතධාරී යුදෙව්වන්ගේ පැසසුමටත් ලක්ව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.