හමාස් සංවිධානයට එරෙහිව තමන් භූමියෙන් සිදුකරන මෙහෙයුම් වැඩි කළ බව ඊශ්‍රායලය පවසද්දී, ගාසා තීරයේ මේ දක්වා වාර්තා වන දැවැන්තම ෂෙල් ප්‍රහාර මාලාවට ගොදුරුව ඇති බව කියැවෙයි.
ප්‍රකාශයක් නිකුත් කරන ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසා සිටින්නේ ගාසා තීරයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා අමතර හමුදාවන් මෙහෙයුම් සඳහා සම්බන්ධ වෙමින් සිටින බවයි.
අද දිනයේ පමණක් එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතර දරුවන් දෙදෙනෙකුද වෙයි. ඉන් එක් දරුවෙකු හමාස් නායකයෙකුගේ දරුවෙකු බව කියැවෙයි.
මේ අතර, මෙම ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණීමට නියමිතව සිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් තවමත් කටාර් රාජ්‍යයේ රැඳී සිටින අතර, හෙතෙම පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමුවනු ඇති බවද කියැවෙයි.
ඊශ්‍රායල් - පලස්තීන සාම ප්‍රයන්තනයක් වෙනුවෙන් බැන් කී මුන් එසේ ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටියත් ගත වූ දින 13ක කාලය තුළ පලස්තීන ජාතිකයන් 350කට අධික පිරිසක් ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරය සාමාන්‍ය වැසියන් බව කියැවෙයි.