ඊජිප්තුවේ, කයිරෝ අගනුවර ක්‍රිස්තියානි දේවස්ථානයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පිපිරීමට හේතුව බෝම්බ ප්‍රහාරයක් බව විශ්වාස කරන අතර, ඉන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සෙන්ට් මාර්ක්ස් ආසන දෙව්මැදුර සමගම පිහිටි, සෙන්ට් පීටර්ස් දේවස්ථානය තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර, ඉන් දේවස්ථානයටද දැඩි අලාභානි සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
ඊජිප්තු කොප්ටික් ක්‍රිස්තියානුවන් ගහනය එරට ජනගහනයෙන් 10% ක් පමණ වන අතර, සෙන්ට් මාර්ක්ස් ආසන දේව්මැදුර එරට ඔර්තඩොක්ස් පල්ලියේ ප්‍රධාන දේවස්ථානය ලෙසද සැලකෙයි.