ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේදී අනතුරට පත් රුසියානු මගී ගුවන් යානයට සැබෑ ලෙසම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ පුළුල් පරීක්ෂණ ඇරඹී තිබේ.
මෙම ගුවන් අනතුරින් යානයේ ගමන්ගත් මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 224 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
එහිදී, අනතුරට පත් කඳුකර ප්රදේශය වෙත ළඟා වී ඇති ආරක්ෂක අංශ මියගිය පුද්ගලයන්ගේ සිරුරු හා සුන්බුන් කැබලි සොයා පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
රුසියානු ඉතිහාසයේ සිදුවූ දරුණු ගුවන් අනතුර හේතුවෙන් අද දිනයේදී රුසියාවේ දිනක ශෝක කාලයක්ද ප්රකාශයට පත්කර ඇත.
සිනායි අර්ධද්වීපයේ කටයුතු කරන IS ඉස්ලාම් රාජ්ය අන්තවාදීන්ට සම්බන්ධ සටන්කරුවන් KGL9268 යානා අනතුරේ වගකීම බාරගත්තත්, රුසියාව හා ඊජිප්තුව එය ප්රතික්ෂේප කර සිටියි.
අඩි 31,000ක් ඉහළ අහසේ ගමන් කළ ගුවන් යානයක් බිම දැමීමට තරම් අවියක් මෙම සටන්කරුවන් සතුව නොමැති බව විශේෂඥයන් පවසා ඇති අතර, යානයට සැබෑවටම සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමට මාස කිහිපයක් ගතවිය හැකි බවද පවසා තිබේ.
මේ අතර, එමීරේට්ස්, එයාර් ෆ්රාන්ස් හා ලුෆ්තන්සා යන ගුවන් සේවා මෙම යානයට සිදුවූ දේ පිළිබඳ නිවැරදි තොරතුරක් ලැබෙන තුරු මෙම ගුවන් කලාපය මගහැර ගුවන් ගමන් සිදුකිරීමට තිරණය කර ඇත.