නව පාර්ලිමේන්තුවක් තෝරාගැනීම වෙනුවෙන් කල් මරමින් සිටි ඊජිප්තුව සිය මැතිවරණයේ පළමු වටය ආරම්භ කර තිබේ.
අධිකරණ ක්රියාමාර්ගයක් හේතුවෙන් 2012 වසරේදී පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව පවත්වන ප්රථම මැතිවරණය ලෙස මෙය සැලකෙයි.
ඊජිප්තුව ප්රජාතන්ත්රවාදය කරා ගමන් කිරීමේ අවසාන පියවර ලෙසද මෙම මැතිවරණය බලධාරීන් හඳුන්වයි.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණයේදී බහුතර අපේක්ෂකයන් ජනාධිපති අබිදුල් ෆටාහ් අල්-සිසීට සහාය දක්වන බවටද චෝදනාවක් පවතී.