ඊජිප්තුවේ පෞරාණික සිද්ධස්ථානයක් වූ ලක්සර් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට පොලීසිය පවසයි.
මෙම ප්‍රහාට පැමිණි තිදෙනෙකු මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇති අතර, ඒ ආසන්නයේ සිට තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ඊජිප්තු මාධ්‍ය පෙන්වා දෙන්නේ බෝම්බකරුවන් සිද්ධස්ථානය ඉදිරිපිට මාර්ග බාධක බිඳගෙන ඒ තුළට පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුවූ බවයි.
මෙම සිද්ධස්ථානය ඊජිප්තුවේ සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන ස්ථානයක් ලෙස සැලකෙයි.
මියගිය සැකකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් තැනැත්තා බෝම්බය පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.