ජිහාඩ් අන්තවාදීන් සමග එක්වීම සඳහා සිරියාවට යෑමට සූදානම් වූ ප්‍රංශ ජාතිකයන් හය දෙනෙකුගේ ගුවන් ගමන් බලපත්‍ර අත්හිටුවීමට එරට රජය කටයුතු කර තිබේ.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඩ් කස්නේව් පවසන්නේ එරට බුද්ධි අංශවලට ලද තොරතුරු අනුව මෙම පුද්ගලයන් හය දෙනා ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තයන් සමග එක්වීමේ සූදානමින් රටින් පිටව යෑමට සූදානම්ව ඇති බවයි.
පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රංශය හඳුන්වා දුන් නව ප්‍රතිත්‍රස්ත නීති අනුව යමින් මෙම පියවර ගෙන තිබේ.
මේ අතර, ප්‍රංශය විසින් බහරේන් ආශ්රිත මුහුදු තීරයට ගුවන්යානා හාරක නෞකාවක් පිටත්කර යවා ඇති බවත්, එය ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තයන්ට එරෙහි ප්‍රහාර සඳහා යොදා ගන්නා බවත් වාර්තා වෙයි.