සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය වෙනුවෙන් සටන්කාමීන් ලෙස පුහුණු කිරීමට බඳවා ගැනීම් සිදුකළ පුද්ගලයන් අට දෙනෙකු ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය බර්නාඩ් කැසනේව් පවසයි.
පැරීසියේදී සහ ලයොන් හිදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති අතර, ඔවුන් පසුගිය ජනවාරි මාසයේ සිදුවූ චාර්ලීස් හෙබ්දෝ ප්‍රහාරයටද සම්බන්ධතාවක් ඇති පිරිසක් බව කියැවෙයි.
එම ප්‍රහාරයෙන් ප්‍රංශ වැසියන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාර පිළිබඳව ප්‍රංශය දැඩි අවධානයක් යොමු කොට තිබේ.
ප්‍රංශ නීතියට අනුව සැකකරුවන් චෝදනා නොමැතිව වුවත් පැය 96ක කාලයක් රඳවා තබාගැනීමේ හැකියාව පවතී.