IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් යසීදී, ක්‍රිස්තියානි සහ ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව මහා මනුෂ්‍ය සංහාරයක් සිදුකර ඇති බව ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පෙන්වා දෙන්නේ, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ක්‍රියාවෙන් මෙන්ම, මතවාදීවද මහා මනුෂ්‍ය සංහාරයක් සිදුකර ඇති බව අවධාරණය කරයි.
සිරියාවේ හා ඉරාකයේ ඔවුන්ගේ පාලනයේ පවතින ප්‍රදේශවල මනුෂ්‍යත්වයට මෙන්ම, ජනවාර්ගික සංහාරයන්ට මෙම අමානුෂික ත්රස්තයන් වගකිව යුතු බවද ජෝන් කෙරී කියයි.
මෙම ම්ලේච්ඡයන් ජීවත්වන ප්‍රදේශවල පැහැදිලි චිත්‍රයක් ලෝකයට තවමත් විවර නොවීම තුළ ඔවුන්ගේ අමානුෂික ක්‍රියාකාරකම් මීට වඩා දරුණු විය හැකි බවත්, ඔවුන්ගේ ගමන නැවැත්වීම මේ මොහොතේ අනිවාර්යයෙන්ම සිදුකළ යුතු එකක් බවත් කෙරී වැඩිදුරටත් පවසයි.