අල්කයිඩා සහ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව බටහිර අප්‍රිකානු සහේල් කලාපයේ රාජ්‍යයන් ක්ෂණික ප්‍රහාර එල්ල කරන විශේෂ බලකායක් ස්ථාපිත කිරීමට එකඟත්වය පළ කර තිබේ.
මෙම සහේල් කලාපයේ රටවල ආරක්ෂක අමාත්‍යවරුන් විසින් මෙම එකඟත්වය ඇති කරගෙන තිබේ.
ලෝකයේ වඩාත් දිළිඳු කලාපයක් ලෙස සැලකෙන මෙම සහේල් කලාපය සහරා කාන්තාරය මායිව පිහිටි කලාපයක් වන අතර, මෙය ලෝකය වෙත ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන සරු බිමක් ලෙස ප්රකටය.
චාද් රාජ්‍යයේ අගනුවර වන නජාමේනා නුවරදී පැවැත්වූ මෙම සාකච්ඡා සඳහා චාද්, නයිගර්, බුර්කිනා ෆාසෝ, මාලි සහ මවුරිටානියා යන සහේල් කලාපයේ රටවල ආරක්ෂක අමාත්‍යවරු සහභාගී වූහ.
එය ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන්ගෙන් එල්ලවන බලපෑම් මෙන්ම ප්‍රහාරයන්ද ක්ෂණිකව පිටුදැකිය හැකි විශේෂ බලකායක් බව එම අමාත්‍යවරු පවසති.