බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නීතියේ දෙවඟන විදහා දැක්වෙන පිළිරුවක් ස්ථාපිත කිරීමට එරෙහිව එරට ගතානුගතික මුස්ලිම්වරු ඩකා අගනුවරට රැස්ව දැවැන්ත විරෝධතාවක් දක්වා තිබේ.
අන්තවාදී අදහස් දරණ විරෝධතාකරුවන් පවසා ඇත්තේ මෙම නීතියේ දෙවඟන සාරියකින් සැරසී සිටියත් ඇය ග්‍රීක දෙවඟනක් නිසා ඉස්ලාම් දහමට පටහැනි එම පිළිරුව වහාම ශ්‍රේෂ්ඨාධිකරණ භූමියෙන් ඉවත් කළ යුතු බවයි.
බංග්ලදේශය පුරා කාලය සිට ඇවිලෙන ගතානුගතික ඉස්ලාම්කරණය හා නිදහස් අගයයන් අතර පවතින තවත් පිපිරී යෑමක් ලෙස මෙම සිදුවීම බී.බී.සී.ය විසින් හුවා දක්වා තිබේ.
හෙෆසාත්-එ-ඉස්ලාම් නමැති ගතානුගතික ඉස්ලාම් කණ්ඩායමට සහාය දක්වන පිරිස් සිකුරාදා දේව මෙහෙයෙන් පසුව ඩකා නුවර බයිතුල් මොක්රාම් මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට සිට මෙම දැවැන්ත විරෝධතාව පවත්වා ඇති අතර, ඉක්මණින්ම නීතියේ දෙවඟන අධිකරණ භූමියෙන් ඉවත් නොකළහොත් රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවටද අනතුරු ඇඟවිමක් සිදුකර තිබේ.
ඉස්ලාම් දහම තුළ කිසිදු පිළිරුවකට හෝ පිළියමකට අවස්ථාවක් නොමැති බව පවසන මෙම විරෝධතාකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය තුළද එවැනි පිළිරූ හෝ පිළිම නොතිබිය යුතු බව අවධාරණය කරති.