පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර ප්‍රධාන වාණිජ වීදියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියාවක් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් පස් දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති අතර, තුර්කියේ පළාත් හතක හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව තර කිරීමටද කටයුතු කර තිබේ.
මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඊශ්‍රායල් ජාතිකයන් තිදෙනෙක් සහ ඉරාන ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 36කට වැඩි පිරිසක් තුවාල ලැබීය.
තුවාල ලැබූවන් අතර ඊශ්‍රායල් ජාතිකයන් 11ක්, අයර්ලන්ත ජාතිකයන් දෙදෙනෙක්, ජර්මානිය, අයිස්ලන්තය හා ඩුබායි සහ ඉරානය යන රටවල එක් පුදගලයා බැගින්ද සිටින බවත් විදෙස් වාර්තා පවසයි.