"ඔබ කිසිවෙකු වැළඳ ගැනීමට උත්සාහ කරද්දී අනෙක් තැනැත්තාගෙන් ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණොත්?" මේ අත්දැකීමට මුහුණදීමට ඇමෙරිකානු ජනපති දියණිය වන ඉවන්කා ට්‍රම්ප් හමුවීමට ගිය රිපබ්ලිකන් සෙනට් සභික මාර්කෝ රූබියෝට සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට සමාජජාල අඩවි තුළ දැඩි හාස්‍යයට ලක්වන සිදුවීමක් බවට මෙය පත්ව ඇති අතර, එක් සමාජජාල පරිශීලිකයෙකු පවසන්නේ ඉවන්කාගේ ශරීර භාෂාව අධ්‍යයනය කිරීමේදී ඇය කිසිම අයුරකින් වැළඳ ගැනීමකට සූදානමක් හෝ කැමැත්තක් නොදක්වන බවයි.
කෙසේ වෙතත්, ඉවන්කා සමග ව්‍යාපාරික සාකච්ඡාවක් සඳහා සහභාගී වූ අවස්ථාවක සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් සෙනට් සභික රූබියෝද ප්‍රතිචාර දක්වා තිබුණේ ඒ වෙත එල්ල වූ හාස්‍යයට ඔහුගේද දායකත්වය සිය ට්විටර් ගිණුම හරහා පළ කරමිනි.
මේ අතර, ඉවන්කාද එම සමාජජාල උණුසුමට ප්‍රතිචාර දක්වා තිබුණේ රූබියෝ වැළඳ ගැනීමට දක්ෂයෙකු බව පවසමිනි.